ලෝකයේ වැඩිම සෙල්ලිපි පිහිටා ඇති ඉන්දු සයුරේ මුතුඇටය...

ලෝකයේ වැඩිම සෙල්ලිපි පිහිටා ඇති ඉන්දු සයුරේ මුතුඇටය...

මේ හෙළබිම ලෝකයේ පූර්වබ‍්‍රාහ්මී පැරණිතම ලෙන්ලිපි ඇති රටයි. පසුකාලීන යුගවලට අයත් ලෙන්ලිපි කිහිපයක් හා වෙනත් සෙල්ලිපි අන් රටවල තිබුණද ලංකාවේ හමුවන දහස් ගණනක ලෙන් ලිපි ලොව කිසිදු රටක දක්නට නොලැබෙයි. ඒ ලංකාවේ අඛණ්ඩ දිගු ඉතිහාසයක කතාව කියාපානු ලබයි.

කුඩුම්බිගල සෙල්ලිපි-01

01. පරුමක නදික පුතශ පරුමක මිතශ ලෙණෙ මහශුදශනෙ ශගශ දිනෙ
(ප‍්‍රමුඛ නදිකගේ පුත් වූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ මහාසුදස්සන ලෙණ සංඝයාට දුනි)
02. බත දමගුතශ අටදශ පදගඩිනි
(ගරුතර ධම්මගුත්තයන්ගේ දහඅටක් පියගැටය)
03. ගමික නග පුතෙ ගමික තිශ කරපිතෙ ඉම ලෙණ ශෙනපති ඣුවය ශගශ දිනෙ
(ගම්පති නාගගේ පුත් ගම්පති තිස්ස කරවූ මෙම ලෙණ සෙන්පති ඣුවය විසින් සංඝයාට දුනි)
මෙම ලෙන්ලිපියේ ඣු අක්ෂරය සම්බන්ධ ගැටලූවක් තිබේ. පරණවිතානයන් එය ඣු යනුවෙන් හඳුන්වා ඇත. අනෙක් අක්ෂරවලට වඩා කුඩාවට පිහිටා ඇති අතර වැරදී පසුව ලියා තිබේදැයි සැක සිතෙයි. තවමත් ගවේෂණයේදී තීරණයකට නොඑළඹි අක්ෂරයක් හා පදයක් ලෙසින් එය හැඳින්විය හැකිය.
04. බත ශගරකිතශ ලෙණෙ පටිබණකුටෙ ශගශ දිනෙ
(ගරුතර සංඝරක්ෂිතයන්ගේ පටිබාණකූට නම් ලෙණ සංඝයාට දුනි)
05. බත පුශගුතශය ලෙණෙ මනපදශනෙ ලෙණෙ සගශ දිනෙ
(ගරුතර ඵුස්සගුත්තයන්ගේ මනාපදස්සන ලෙණ සගුනට දුනි)

දූල්වල ලෙන්ලිපි 01

පරුමක පවිට පුත පරුමක ශිවෙන කරිතෙ මනපදශනෙ ශගශ
(ප‍්‍රමුඛ පවිටගේ/පවිත‍්‍රගේ පුත් ප‍්‍රමුඛ සිවයන් විසින් කරවන ලද මනාපදස්සනය සංඝයාටය)

ශිවෙන යනුවෙන් අරුත්දෙනුයේ සිව යන්නට ගෞරව දැක්වීමකි. මනාපදස්සනයයි යනු මනාපදස්සන නම් ලෙණ යනුයි. මෙහි පසුකාලීන සේයාරුවට අනුව පෙර ලිවීමට පසුව හුණු සටහන් තැබීමේදී අක්ෂරය අක්ෂරය වැනි යමක් ලෙසින් දක්වා ඇත. එය එසේයැයි පැවසුවහොත් එය සවිට හෙවත් සවිත‍්‍ර යනුවෙන් අර්ථ දිය හැකි වුවත් වඩාත් පිළිගතහැකි ආකාරය පවිට යන්න බව විමසීමේදී පෙනෙයි.

සේයාරූ: විකුම් රවිශංඛ

ඌරුමුත්තේ ලිපිය

මාතර ඉතිහාසයට වැදගත් වන එසේම දිස්ත‍්‍රික්කයේ ඇති එකම ප‍්‍රකාශිත පූර්වබ‍්‍රාහ්මී ලිපියද ඌරුමුත්තේ ලිපියයි.
පරුමක නගහ ලෙණෙ
(ප‍්‍රමුඛ නාගගේ ලෙණය)
හ ලෙණ යන්න මුල් පෙලින්ද පරුමක නග යන්න දෙවන පෙළටද ලියැවී ඇත.
මාතර නාග ගෝත‍්‍රික භවනක් යන්න අතීතයේ සිට පැවති පුරාවෘත්තවලින් නිතර අසන්නට ලැබෙන්නකි. මෙහි සඳහන් ප‍්‍රමුඛ නාග යන්නෙන්ද එය තවදුරටත් තහවුරු වෙයි.

සේයාරුව : ෂෙහාන් වෙළගෙදර

කලූදිය පොකුණ ලෙන් ලිපි-01

කලූදිය පොකුණේ ලෙන් ලිපි පූර්වබ‍්‍රාහ්මී අක්ෂරවල මුල් කාලයේ ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර බොහොමයක් මැකී යමින් සහ දිරාපත් වෙමින් තිබෙනු අත් දුටුවෙමු. එහි පරිසරය ඒ වනවිටත් ටෙලිනාට්‍ය කරුවන් සහ වෙනත් අය විසින් විනාශ කරමින් තිබෙනු පැහැදිලිව පෙනුනු අතර ඇතැම් සාධක මින් පෙර අප සේයාරූ මගින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ශාඛ්‍ය වංශයට ඥාතිවන්නාවූ සීගිරිය අසුර පෙළපතේ මුල් වාසභූමියක් ලෙසින් මෙම පෙදෙස හැඳින්විය හැකිය.
නොමැකී ඉතිරිව තිබූ අප පිටපත් කරගත් කලූදිය පොකුණ අංගසම්පූර්ණ ලෙන් ලිපියක් පහත දැක්වේ.

චිතගුතශ ලෙණෙ ශගශ
(චිත්තගුත්ත තෙරුණ්ගේ ලෙණ සංඝයාටය)

කලුදිය පොකුණ ලෙන්ලිපි විනාශය

කණ්ඩලම කලුදිය පොකුණ ලෙන්ලිපි විනාශය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු පුවත නිසා අද ඉතාම කණගාටුවට පත්වෙමු. රාජ්‍ය මැදිහත්වීම මගහැරී අයාලේ විනාසවන්නට දී තිබෙන මහා ජාතියක උරුමය මෙතරම් පහසුවෙන් විනාස මුඛයේ තිබීම කෙසේ දරාගත හැකිද? පක්ෂ දේශපාලනික අරමුණු කවරක් වුවත් කිසිදු රජයක් මේවා සංරක්ෂණයට ප‍්‍රමාණවත් දායකත්වයක් ලබාදී තිබුනේ නැත.

අප පුද්ගලිකව කාලය වෙන්කොට ලංකාවේ ඇති ලෙන්ලිපි පිටපත් කරගන්නේද පුරාවිද්‍යෘ දෙපාර්තමේන්තුවේ අවසර ඇතිවය. ඒ මේවා වියැකී යමින් තිබෙන නිසා සහ එය එක් පාර්ශ්වයකට පමණක් පවරා ඉවත බලානොග යුතු නිසාය.

මේ ස්ථානයට කර ඇති හානිය සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය පලකරනු ලබන අතර මේ වලදැමෙන ඉතිහාසය කිසිසේත් නැවත ගොඩගතහැකි වන්නේ නැති බවද දැන් දැන් කල්පනා කරන්නට සිදුව තිබෙයි.

නිලගම ලෙන්ලිපි-01

01. ගමික වෙල ඣිත දමය ලෙණෙ ශගශ
(ගම්පති වේලාගේ දියණියවූ ධම්මාගේ ලෙණ සංඝයාටය)
02. පරුමක තිශ පුත පරුමක ශුනකතහ ලෙණෙ ශගශ
(ප‍්‍රමුඛ තිස්සයන්ගේ පුත් ප‍්‍රමුඛ සුනක්ඛතගේ ලෙණ සංඝයාටය)
03. පරුමක දුටික තිශහ ලෙණෙ ශගශ
(ප‍්‍රමුඛ දුටික තිස්සගේ ලෙණ සංඝයාටය )
04. ශුමනගුත තෙරහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ
(සුමනගුත්ත තෙරුන්ගේ ලෙණ සිවුදිගින් පැමිණි නොපැමිණි සංඝයාටය)
05. බත තිශහ ලෙණෙ
(ගරුතර තිස්සයන්ගේ ලෙණය)
06. අබහච ඣය රුලයච ලෙණෙ
(අභයගේ සහ බිරිඳ රුලාගේ ලෙණය)

%d bloggers like this: